පුංචි ළිඳේ වතුර ගුණයි

Published in Gossip
Thursday, 23 April 2015 15:31

පොල් වගේම අපේ රටේ බොහෝ ප්‍රදේශ වල තැඹිලි බහුලව වැවෙනවා. ඒවගේම වෙළඳපොළේ සුලබව තැඹිලි දකින්න ලැබෙනවා. ඒත් අපි බොහෝ දෙනෙක් තැඹිලි බොන්නෙ ලෙඩක් හැදුනම විතරයි. වෙහෙසක් දැනුන වෙලාවට අපි බොන්නෙ කඩෙන් ගන්න වෙනත් කෘත්‍රිම පාන වර්ග.

තැඹිලිවල ගුණ දායක බව ඔබ දන්නවනම් තැඹිලි පානය කරන්න උත්සහ කරාවි. ස්වභාවික සීනි, ලුණු අඩංගු තැඹිලි පානයේ ගුණය ඔබව පුදුමයට පත් කරාවි.

  • තැඹිලි වතුර සම්පුර්ණ යොදය සහිත කිරි පිටිවලට වඩා පෝෂ්‍ය දායකයි. එසේම එහි කොලොස්ටරෝල් නැත. මේදයද නැත.
  • මෙහි දොඩම් වීදුරුවකට වඩා පෝෂණය පවතී. නමුත් දොඩම්වලට වඩා කැලරි ප්‍රමාණය අඩුයි.
  • තැඹිලි ළදරු කිරි පිටිවලට වඩා ගුණ දායකයි. මව් කිරිවල ඇති ලෝරික් අම්ලය තැඹිලි වතුරේද අන්තර්ගතයි.
  • තැඹිලි වතුර සවභාවයෙන්ම ජීවානුහරිතයි. ඒක නිසා විෂබීජ වලින් ප්‍රශ්නයක් නෑ.
  • තැඹිලිවල පොටෑසියම් 299mg පමණ අඩංගු වෙනවා. නමුත් sports drink සහ වෙනත් energy drink වල අඩංගු වෙන්නෙ 117mg වගේ ප්‍රමාණයක්.
  • ඒවගේම sports drink සහ වෙනත් energy drink වලට වඩා තැඹිලි වතුරවල සෝඩියම් අඩුයි.
  • සීනි ප්‍රමාණය තැඹිලි වතුරවල අඩංගු වන්නේ 5mg වගේ ප්‍රමාණයක්. නමුත් sports drink සහ energy drink වල වෙනස් කරන ලද සීනි ප්‍රමාණය 10-25mg අතර වෙනවා.

Leave a comment

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us