පිළිකාවෙන් බේරෙන්න අත්වැඩ

Published in Gossip
Thursday, 21 May 2015 17:05

සෑම  දිනකම ස්වයං වින්දනයේ  යෙදෙන පුද්ගලයන්ට  පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

ස්වයං වින්දනය සහ පුරස්ථි ග්‍රන්ථියේ   වැළඳෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමේ  අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැළඳී ඇත.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව  ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැක.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැබෙන පිළිකා වර්ග අතරින් පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලුතින් ගොදුරු වේ. මෙම පිළිකා  වර්ගය ඉතා සෙමෙන් වැඩෙන අතර මුත්‍රාමාර්ගයේ අපහසුතා වලදී හඳුනා ගැනීමට හැකියි.

Leave a comment

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us