රනිල් එක්ක ජපන් යන්න හැදුව 'මගේ හිතෙත් බුවා' තව පොඩ්ඩෙන් ජබක්

Published in Gossip
Monday, 12 October 2015 14:47

පසුගියදා සිදු කරනු ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරය සඳහා තමාවද එක්කර ගන්න ලෙස තුන්හුලස් මාධ්‍ය වසලයාගේ ගෝලයකු වන මන්ත්‍රී 'මගේ හිතෙත් බුවා' මහතා සැහෙන වෙහෙසක් දරා ඇති බව දැන ගැනීමට තිබේ.

ජපන් සංචාරයට දින කිහිපයකට පෙර වික්‍රමසිංහ මහතා හමුවී තමාවද එම සංචාරය සඳහා එක්කරගන්නා ලෙස ඇවිටිලි කර ඇති 'මගේ හිතෙත් බුවා' , අපේ චෙයාර්මනුත් කිව්ව ( තුන්හුලස් මාධ්‍ය වසලයා) කොහොම හරි එල්ලිලා යන්න කියලා.., එයාගේ බිස්නස් වැඩ වගයකුත් තියෙනව ඒ ගමන්ම කර ගන්න කියලා.., ආදි වශයෙන් පවසද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට බැණ වැදී තිබුණේ 'මං යන්නේ බිස්නස් කරන්න නෙවෙයි රාජතාන්ත්‍රික වැඩකට , මන් එක්කරගෙන යන්නේ සුසිලුයි, මංගලයි, රවියි විතරයි.' යනුවෙනි.

'මගේ හිතෙත් බුවා', වැඩේ අත ඇරියේ නැත. ඊට පසුව ජෝන් අමරතුංග මහතා අන්දාගෙන ඔහු සමඟ මෙම ගමන යාමට සූදානම් වූ නමුත් වික්‍රමසිංහ මහතා එයද වැලැක්වූයේය. ඒකෙන් ජෝනුත් හොඳ හැටි අහගත්තේය.

අවසානයේදී මං තනියම හරි යනවා යැයි කියමින් තුන්හුලස් මාධ්‍ය වසලයාගේ පාර්ට් එක අරගෙන ජපන් යෑමට සූදානම් වූවද රනිල් වික්‍රමසිංහ මහතා දුරකතන ඇමැතුමක් ගෙන තුන්හුලස්ගේ ද පළු යන්න, 'මගේ හිතෙත් බුවා'ට වචන කිහිපයකින් ආමන්ත්‍රණය කර ඇත. 'තනියෙම ජපන් යන්න කලින් මං ඔහෙව තනියෙම ආපහු අකු‍රැස්සටම යවනවා'. 'මගේ හිතෙත් බුවා'ට අන්තිම ඇසුනු වචන ටික එහෙමය.

'මගේ හිතෙත් බුවා'ගේ ජපන් ‍ටුවර් සිහිනය හබක් විය.

අපේ බුවා තාමත් ඒ හිතේ අමාරුවට රනිල් ලොක්කාට බැණ බැණ කොළොන්නාව පැත්තේ රස්තියාදු ගසමින් සිටින බවත් දැන ගැනීමට ඇත.

Last modified on Monday, 12 October 2015 15:47

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us