ජැක්සන්ටත් ඇඩ්රස් නැති වෙන හැඩ

Published in Gossip
Monday, 19 October 2015 21:57

ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ 'ඇඩ්රස් නෑ' චිත්‍රපටයේ ප්‍රචාරක පොස්ටරය නිර්මාණය කර ඇත්තේ වත්මන් දේශපාලන විපර්යාසය දරා ගැනිමට නොහැකියාවේ කුහකකම මුල් කරගෙන බව පෙන්නුම් කරමින් බව බැලු බැල්මටම පැහැදිලිය. ජැක්සන්ට අනුව මහින්ද රාජපක්ෂ හිට්ලර් පන්නයේ දෘඩ නායකයෙකි. මෛත්‍රීපාල සිරිසේන චාලි චැප්ලින් වර්ගයේ විහිළුකාරයෙකි. මේ ජැක්සන්ගේ දැක්මය. මේ හිටර්ව ජනමූල නායකයා කියාගෙන ඒ මත්තෙම නැහුණු ජැක්සන්ට මෛත්‍රීපාලව විහිළුකාරයකු ලෙස පෙනී යාම අරුමයක් නොවේ.

කෙසේ නමුත් ඔහුගේ මෙම '' ඇඩ්රස් නෑ ' චිත්‍රපටය ප්‍රදර්ශනය සාර්ථක වන්නැයි අපි සුබ පතමු.

එහෙත් මේ දිනවල ජැක්සන් දන්නවා හෝ නොදන්නා විය හැකි නමුදු, රාජපක්ෂ ආණ්ඩුවේ සංදර්ශන කටයුතු ඉතා ඉහළ මිළ ගනන් වලට ජැක්සන් ඇන්තනීට ලබා දුන්නේ මන්දැයි මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් පවත්වමින් සිටී. ජැක්සන්ගේ ඇඩ්රස් නැති වීමට ඉඩ ඇත්තේ මෙහිදීය.

වන්දිභට්ට කලාකරුවන් කියා පිරිසක් රජ කාලයේදී සිටියා මෙන්ම රජාට ඇන්ද මේ කාලයේ මුග්ධ පාලකයන්ටත් වන්දිභට්ට කලාකාරයෝ කියා පිරිසක් සිටියහ. ජැක්සන් කියන්නේ ඉන් මේ කාලයේ ප්‍රමුඛයෙක් බව අවිවාදිතය. මේ රොත්තේම තවත් කිහිප දෙනෙකුට ලැබුණු සල්ලි මළු ගැනද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේවන විට සොයා බලමින් සිටී.

බල්ලා මළාම මැක්කන්ට ඇඩ්‍රස් නැතිවන්නේ යැයි කතාවක් මෙරට ජනවහරේ එන්නේ නිකම්ම නොවේ.

jackson-2

Last modified on Monday, 19 October 2015 22:04

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us