මංගල යෝජනා නිසා නියෝජ්‍ය ඇමැති බයිට් වෙයි

Published in Gossip
Saturday, 09 January 2016 14:20

තවමත් අවිවාහකව සිටින ඇහැට කනට පෙනෙන සුදු හැන්ඩි පහට ඉන්නා නියෝජ්‍ය ඇමැතිවරයකු මේ දිනවල තමාට ගැලපෙන මනමාලියක් සොයා ගැනීමේ මහ මෙහෙයුමක යෙදී සිටී.

අවාසනාවට පසුගිය දින කිහිපයේදීම ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සූරූපී ගුවන් සේවිකාවක මනමාලියක ලෙස කැන්දාගෙන යාමට ගත් උත්සාහය ද වැලැකී තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහුට එක් ලලනාවක් ‍තෝරා ගැනිමට නොහැකි වීමෙනි.එක විට හත් අට දෙනෙකුටම මංගල යොජනා ඉදිරිපත් වීම නිසා කෙහෙවලු පටලවා ගැනිමක් දක්වා දුර දිග යෑමට ද සිදුව තිබූ නමුත් අවසානයේදී ඇමැතිවරයාගෙන් මංගල යෝජනා ඉදිරිපත් වීම විනෝදයට කාරණයක් කර ගැනීමට මේ ගුවන් සේවිකාවන් බුද්ධිමත් වී තිබේ.දැන් නියෝජ්‍ය ඇමැති ඔවුන්ගේ හොඳ බයිට් එකකි. 

ඒ අතර ඇමැතිවරයාට අයත් කොල්ලුපිටියේ හා නුවර එළියේ පවතින සුපිරි නිවාස වල පැවැත්වුනු මංගල කරුණු කාරණා සම්බන්ධ සාකච්ඡාවන්ට සහභාගී වීමේ අවස්ථාවද මේ ගුවන් සේවිකාවන්ට ලැබී තිබේ.

මේ අතරම නුවර එළිය පැත්තෙන් ආරංචි වන්නේ සුරූපී ටෙලි නාට්‍ය නිළියන් කිහිප දෙනෙකුටද මංගල යෝජනා ඉදිරිපත් වීම නිසා නුවර එලියේ බංගලාවේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැතුන බවය. මෙලෙස ලැබුණු මංගල යෝජනාවක් නිසා මහ ‍රැයක ගෙට්‍ටු කඩාගෙන ඇමැතිවරයා සොයා යෑමට තරම් උනන්දු වූ නිලියක ගැනද වාර්තා විය.

කොහොම නමුත් ඇමැතිවරයා සොයමින් සිටින්නේ තඹ වන් ලලනාවන් නොවේ. රත්තරන් ටිකට ඉන්නා ලලනාවකි. එමෙන්ම කඩුවෙලට සමීප විය යුතුය.

Last modified on Saturday, 09 January 2016 14:24

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us