අපායට යන්න රුපියල් විස්සයි

Published in Gossip
Monday, 29 February 2016 11:51

ලංකාවේ පන්සල් වලට යන්නේ ඉස්සර නිවන් මාර්ගය අවබෝධ කරගන්න නැත්නම් සුද්ධ සිංහලෙන් කිව්වොත් හිතට නිවනක් ගන්න. ලංකාවේ සමහර සුපිරි පන්සල්වලට යන්න ඉස්සර ඉදන්ම විදේශිකයන්ගෙන් නම් රුපියල් දෙතුන් දාහක් ගත්තා. ඒත් ලංකාවේ මිනිස්සුන්ටනම් අගේට ඕන පන්සලකට ගිහින් මලක් පහනක් පූජා කරලා එන්න පුළුවන්කම තිබ්බා.

ඒකටත් එක්ක දැන් කොළඹ විතරක් නෙවෙයි ලංකාවේ හතරවටේම පන්සල්වල වැසිකිලියට ගියත් ගාණක් දෙන්න වෙන තත්ත්වයකට පත්වෙලා ඉවරයි. ඒ අස්සේ කොළඹ අලි කලබලයක් නිසා චාටර් වෙච්ච පන්සලක උන්නාන්සේ කෙනෙක් අපායෙනුත් ගරාගෙන කන කතාව දැන් රටටම එළිවෙලා ඉවරයි.

පන්සලේ හදලා තියන අපාය බලන්න යන්නත් රුපියල් විස්සක ටිකට් එකක් කඩද්දි පන්සල තට්ටු ගාණකට හදන්න සල්ලි එකතුවෙනවා කියලා ඉතින් අහන්න දෙයක්ද. පෝය දවසට මේ ආරාමේ බලන්න වැල නොකැඩි සෙනග එන නිසා අපායේ යන්නත් බරගාණක් සෙනග එනවා.

අපායෙනුත් ගරාගෙන කන උන්නාන්සේලාට අලි නෙවෙයි කොටි වුනත් ගන්න තරමට සල්ලි තියෙනවා කියන එක අහන්න දෙයක්ද. හැබැයි ඉතින් මේ උන්නාන්සේනම් ඉන්නේ හරියට රහත්වෙලා වගේ තමයිලු.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us