නීතිඥ නෝනාවරුන්, මහත්වරුන්ගේ කලිසම දිනාගති

Published in Gossip
Friday, 09 March 2018 07:53

ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිදු විය.

මෙම නව හඳුන්වා දීමත් සමඟ නීතිඥවරියන්ට විවෘත අධිකරණවලට පෙර ඇඳි සාරියට අමතරව කමිසයකින් සහ කලිසමකින් සැරසී කළු කබාය පැලඳ පැමිණීමට අවස්ථාව උදාවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ මඟපෙන්වීම සහ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ ඉල්ලීම මත මෙම කටයුත්ත සිදුව ඇත.

ඒ සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සහ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සහ ජනාධිපති නීතිඥ ඊවා වනසුන්දර මහත්මියගේ අනුමැතියද ලැබී තිබේ.
මෙම නව ඇඳුම සංකේතවත් කරමින් එම නව ඇඳුම පැලඳ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපතිනි ජේ‍යෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය, කඩුවෙල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ එම සංගමයේ ලේකම් නීතිඥ රුචිරා ගුණසේකර මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පෙනී සිටියහ.

mawbima.lk

Last modified on Friday, 09 March 2018 08:16

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us