ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.

ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා නිවේදනය කර තිබුණි.

අන්තර්ජාලය මඟින් ක්‍රිප්ටො මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දීමට යැයි පවසා ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කළ චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් තිස්නව දෙනා රුපියල් කෝටි 5000ක මුදලක් චීනයට යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) කරුණු වාර්තා කළේය.

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු ඉදිකිරීම් කඩිනම් වුණු ශ්‍රී ලංකාවේ ඉදි වූ දිගම අධිවේගි ගුවන් පාලම නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

 

ld add copy

Connet With Us