පක්ෂ මාරුව තහනම්; ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තහනම්; ජවිපෙන් යෝජනා දෙකක්
රජයේ දින 100 වැඩසටහන යටතේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පත් කර ඇති ජාතික විධායක සභාවට තවත් යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා තලවතුගොඩ බටදෙනිය ප්‍රදේශයේ ඉඩමක් බලය යොදවා අත්පත්කර ගැනීමට කටයුතු කළ බව අනාවරණය වේ.
මංගල, ජනපතිගේ විශේෂ පණිවිඩයක් රැගෙන ඉන්දියාවට යයි
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සිය පළමු නිළ සංචාරය ලෙස අද (17) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත් ගියේය.
විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත බදාදා (21 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සමඟම දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද එදිනම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.
පච නොවී ඉල්ලා අස්වන්නැයි නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ඉල්ලයි
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එම තනතුරින් ඉල්ලා අස්වන්නැයි ශ්‍රි ලංකා නිතිඥ සංගමය අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ලා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෙත් ශාන්ති, අනවින, කොඩිවින සිදු කළ ප්‍රධාන සාත්තරකාරියක වන පිට්ටුගල ප්‍රියන්තා සේනානායක වත්මන් මෛත්‍රීපාලනයටද රිංගා තිබේ.
පසුගියදා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම වැඩභාරගන්නා අවස්ථාවේදී තවත් ගෝල බාලයින් දෙදෙනෙකු සමග ඇය එම ස්ථානයට පැමිණියහ.
පසුගිය ජනාධිපතිවරණයේදී නාරහේන් පිට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ජනාධිපතිවරණ ප්‍රතිපල වෙනස් කිරීම හා ජනාධිපතිවරණ අන්තර්ජාල මෙහෙයුම් සඳහා වූ මධ්‍යස්ථානයේ පාවිච්චි කළ පරිගණක තොගයම ඊයේ හා පෙරේදා දින දෙකේදී රහසිගතව රැගෙන ගොස් තිබේ.
පසුගිය 2015 01 15 දින අප විසින් පල කළ පුවතක් මඟින් හසන්ත හෙට්ටි ආරච්චි මහතාට අපහාසයක් කර ඇති බව දන්වා තිබේ.