පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි සිටි ග‍්‍රාමාරක්‍ෂකයින්ව හමුදා සෙබළුන් පිරිසක් බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන ගොස් ඇති බව වාර්තාවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් ජනාධිපතිවරණයට පෙනී සිටීමට නීතිමය වශයෙන් බාධාවක් ඇත්ද යන්න පිළිබඳ වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන ජාතික හැදුණුම්පත් ලබා දීමේ ජංගම සේවාවක් අද 2014 නොවැම්බර් 11 දින ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් හයදහසකගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති සමුළුවක්‌ සඳහා ආහාරපාන ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් විසිහත් ලක්‍ෂ හතලිස්‌ දහසක මුදලක්‌ වැය කර අැති බව වෘත්තීසමිති නායකයෝ පවසති.
මඩකළපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තමන්ගේ ජීවිතයට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. 

රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් සේවාවක් ක්‍රියාත්මකය.

තමාව පොදු අපේක්ෂකයා ලෙස අවශ්‍යනම් තමා ඊට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව විරෝධතා බැනරයකට අත්සන් කිරීමේ වැඩසටහන බලංගොඩ නගරයේදී අද ආරම්භ කළ අවස්ථාවේ එහි පැමිණි බලංගොඩ නගරාධිපතිවරයා ඇතුළු මැරයින් පිරිසක් එම බැනරය කඩා දමා සිසුන්ට තර්ජනය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය  පවසයි.

 

ld add copy

Connet With Us