ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කළද හෙතෙම කිසි දිනෙක අමාත්‍ය ධූරයක් හෝ දරන ලද පුද්ගලයෙකු නොවන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි. 

මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට හා ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා මරණ දඬුවම නියම කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා නැවතත් පක්ෂයට එක් වන්නේ නම් තම ඇමතිධූරය ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සුදානම බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි. 

රාජිතත් දැළක් එළයි

Published in පුවත්
Monday, 10 November 2014 13:49
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීම සදහා තමන් ඉදිරිපත් කළ කොන්දේසි මේ වන තෙක් ඉටුකිරීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංගම සේවකයන්ටත් ප්‍රවාහනයේ දවසේ පළමු ගමන්වාරය සහ අවසාන ගමන්වාරය සිදුකරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විශේෂ දායකත්වයක් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ දමිළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ හමුදාකරණයට ලක්වන අතර ඒ හරහා දමිළ ජනයා හිරිහැරයට ලක්වන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරයන් මහතා පවසයි.

ජාතික පාසල්වල,ගුරු විදුහල්වල,විද්‍යාපීඨවල කම්කරු රැකියා වල නිරත වන්නන් අතර  උපාධිධාරීන් දහසකට අධික ප‍්‍රමාණයක් සිටින බව අධ්‍යාපන කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
රාජපක්ෂ රෙජීමය පන්නා දැමීටම අවශ්‍ය යැයි පවසන අයට දැන් අවස්ථාව ලබා දී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. 

 

ld add copy

Connet With Us