සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා බවට යෝජනා කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත මිස ටිරාන් අලස්ගේ හෝ කිලී මහරාජාගේ උවමනාවට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය පක්ෂයේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව පත් කිරීම් සිදු කිරීම එළඹෙන විසි වැනිදා පැවැත්වෙන ඌව පළාත් සභා ඡන්දයෙන් පසු සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරියේදී ජලයට විකිණීමේ ආණ්ඩුවේ සැලැස්ම යටතේ ජල මූලාශ‍්‍රවල ජලය ඉතුරු කරගැනීම සදහා අඩුවෙන් ජලය අවශ්‍ය වන වගාවන් කුඹුරු භූමිවල වගා කරවීමේ සූක්ෂම සැලැස්මක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායකකමක් පිරිනැමීමෙන් ඇති වැඩක් නැතැයි එක්සත්  භික්‍ෂු පෙරමුණේ සභාපති ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ පවසති.

මීගමුව රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කොට ඝාතනය කළ බවට චෝදනා ලත් වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබු සියලු චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කරමින් මීගමුව මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ අවම ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු මේවනවිට අන්තර්ජාලයට එක් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.

අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැඟී සිටීම හේතුවෙන් ඉතිහාසයේ පටන් ඌවට සිදු වූ අසාධාරණය නිවැරැදි කිරීම සඳහා රජය එහි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවැසීය.

ඥාති සොහොයුරියක විසින් දින 18ක බිළිදෙකු පොලොවේ ගසා ඝාතනය කළ පුවතක් කහතුඩුව - පොල්ගස් ඕවිට - අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

 

ld add copy

Latest News

Connet With Us