ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි. 

උතුරු පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.

සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබේ.  

අයිස් බකට් අභියෝගය මෙරටට පැමිණ් මුල් දිනවල අම අභියෝගය බාර ගත් පළාත් සභා මන්ත‍්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් බස්‌නාහිර පළාත් සභාව වෙත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ඌව පලාත් සභා මැතිවරණයේ දී සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ පැමිණිල්ලක්  ගොනු කළේය.

යුද හමුදා සෙබළුන් අයුතු රාජකාරියේ යොදවා ගත්තේය යන චෝදනා යටතේ සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් කපිතාන් සේනක හරිප්‍රිය ට එරෙහිව විභාගවන නඩුව නොවැම්බර් 5 දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ (4) නියෝග කළාය.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (05) දා සතරවැනි දිනයයි. ගෙවීගිය දින කීපය පුරාම මෙරට අතිවිශාල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද සිනමා ශාලා (05) කදී ලොව අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය විය. අද දවසේ තිරගත වන චිත්‍රපට නාමාවලිය මෙසේය.

තමනට ලබා දී ඇති දකුණු පළාත් ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමෙන් කළහැකි කිසිවක් නැති බව එම පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

 

ld add copy

Latest News

Connet With Us