අතිඋත්තම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ලබන වසරේ ජනවාරි 12දා සිට 15දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවන බව වතිකානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ 29 නිවේදනය කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.

රට පුරා වෙසෙන මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන අතරතුර නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයෝ ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කෙරෙන ප්‍රහාර හෙලා දකිමින් ඊට විරෝධය පල කර උද්ඝෝෂණයේ යෙදෙති.

රටක් හිනැස්සවූ සුනිල් හෙට්‌ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක්‌ පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්‍යයට පවසා තිබුණි.

පසුගියදා අත්අඩංගුවට ගෙන මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට අගෝස්තු පළමුවනදා වනවිට පියවර නොගතහොත් ඊට පසුදින විරෝධතා යාත්‍රා පෙළකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව තමිල්නාඩු ධීවරයින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වී තිබේ.

ලංකාවේ හෙරෝයින් ජාවාරමට ආණ්ඩුවේ දේශපාලනඥයින් සම්බන්ධ බවත් ඒ මාර්ගයෙන් කුඩු ප්‍රවාහනය හා බෙදාහැරීම සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී.පෙරේරා අද (29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය. 

පෙම් සබඳතා දුර දිග යාමෙන් ගැබ්ගත් පෙම්වතියන් දෙදෙනා හා විවාහය ලියාපදිංචි කිරීමට අවසර පැතීමේ පුවතක් මහර අධිකරණයෙන් වාර්තාවේ.

චීවරධාරී කළු බළලූන්ගේ මතට තිත භීෂණය සහ වර්ගවාදී තර්ජන හේතුවෙන් සාහිත මධු සාදය නුදුරු දිනයක පැවැත්වෙන බව එම සංවිධායක කමිටුව දන්වා සිටී.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us