ශ්‍රී ලංකා රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර යටතේ ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා, රටේ ඛනිජ තෙල් සිල්ලර අංශයේ කොටසක් පෞද්ගලීකරණය කිරීමේ උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියක් පසුගියදා අවසන් කරනු ලැබීය.

අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර  පැවසීය.

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත කෙරිණි.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක් (18207) ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ලියාපදිංචි කර තිබේ.

පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ.

 

ld add copy

Connet With Us