උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත වීසා ක්‍රමයේ වෙනස්කම් වලින් පසුව, සංචාරක පැමිණීමේ අඩුවක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2024 පළමු මාස ​​අට තුළ ඩොලර් බිලියන 2 කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වීම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වා ගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට ජාතික ජන බලවේගය විරුද්ධ බව සමඟි ජන සන්ධාන කාර්යාලයේ දී පෙරේදා (07) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ බව කියා සිටියේය.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි මහ මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයෙන් ජය ගතහොත් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවය.

ld add copy

Connet With Us