බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යක්ෂ ජනරාල්වරු
සිව් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා.

යල කන්නයේ පොහොර සහනාධාර මුදල් වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 4263ක් ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

විශ්වවිද්‍යාලය තුළ මාර්ගත ඔස්සේ ලිංගික බලපෑම් සිදුවෙමින් තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් පැවැත්වේ.

 

ld add copy

Connet With Us