පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් රනිල්ගේ සහයට

Published in පුවත්
Monday, 26 August 2024 09:35

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් තිබේ.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීන් හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල්

වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී පසුගිය 23 වෙනිදා ජනාධිපතිවරයා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පූර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ.

නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බව මෙහි දී පෙන්වා දුන් ප්‍රවාහන සංගම් නියෝජිත පිරිස ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා අමතක නොමැති බව ද සඳහන් කළහ.

රටේ කඩා වැටී තිබූ ආර්ථිකය ගොඩගැනීමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කළ ප්‍රවාහන සංගම් නියෝජිතයන් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ද පෙන්වා දුන්නේය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදු ජන පෙරමුණ බස් සංගමය, බහාලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියැදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම්වල ප්‍රධානීන් සහ නියෝජිතයෝ පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා හමු වී සහාය පළ කළහ.

උතුරු හා නැ‍ඟෙනහිර පළාත් නියෝජනය කරමින් ප්‍රවාහන සංගම් නියෝජිතයන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටි අතර ක්ෂේත්‍රය තුළ ඔවුන් මුහුණ දී සිටින ගැටලු කිහිපයක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම රටේ ආර්ථිකය දියුණු කිරීමේ දී ප්‍රවාහන ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය

වෙනුවෙන් ඒකාබද්ධ අභ්‍යන්තර ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවත්, එහි දී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ දැනට පවතින ආයතන පද්ධතියේ පරිවර්තනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය. එම කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරණයෙන් පසු නව කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් රචනා කරන ලද “භූ දේශපාලනයේ ව්‍යාකූලත්වය හා ජීවයේ පැවැත්ම, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර ත්‍රස්ත වපසරිය – බල රංගනය” නමැති කෘතිය ද මෙහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.  

 

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us