මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහව ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15 වැනිදා) දිනයේදී රුපියල් 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.

හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ අවාසනාවන්ත පුවතක් වාර්තා විය.

 

ld add copy

Connet With Us