රාජපක්ෂලා පස් දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට යවනවාද නැතිනම් ඉදිරි දශකය සඳහා රට ස්ථාවර කිරීම සඳහා ජුනි මාසය වන විට අපේ ණය හිමියෝ එක්ක කතා කරලා අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරනවාද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණයක් ගත යුතු බව පාර්ලිමේනතු මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පවසයි.

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව තම ස්ථාවරය බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව 2024 වර්ෂයේ  පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2971ක් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේදී.

තමන් ඇතුළු ඇමතිවරුන්ට වැඩකිරීමට බැරිකමක් නොමැති බවත් එදා ප්‍රශ්නය වුණේ ගෝඨාභය රාජපක්ෂගේ දුර්වලකම බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

 

ld add copy

Connet With Us