ලිට්‍රෝ සමාගම විසින් අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ උපත ලද එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් කීර්තිමත් ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස පත් කර ඇති බව ධවල මන්දිරයේ මාධ්‍ය නිවේදනය කර ඇත.

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.

වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ (31) රාත්‍රී 11.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ.

 

ld add copy

Connet With Us