කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්වෛරී බැඳුම්කර සඳහා ව්‍යාපාරිකයින් මුදල් යොදවන්නේ එහි අවධානම භාරගෙන බව ජාතික ජන බලවේගයේ  ආර්ථික විශේෂඥ නිල් හඳුන්නෙත්ති පවසයි.

පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

පසුගිය වසරේ ගතවූ කාලසීමාව තුළ තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ලද ආයතන 7,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

වැට් බදු වැඩි කළ ද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම දැඩි බලාපොරොත්තු සහිතව සිටි ව්‍යාපාරික ධම්මික  පෙරේරාගේ ජනාධිපති සිහිනය මේ වන විට මුළුමනින්ම බිඳ වැටෙන දේශපාලන වාතාවරණයක් ගොඩනැගී ඇත.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us