නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ.
වැට් ලියාපදිංචි පැහැදිලිව ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්යයි.
වැට් බදු (VAT) වැඩි කිරීමත් සමඟ බොහෝ ව්‍යාපාරිකයන් අයුතු ලෙස පාරිභෝගිකයන්ගෙන් වැට් බදු සඳහා යැයි කියමින් ගාස්තු අය කිරීම සිදුව තිබීම ගැන ලැබුණු පැමිණිලි අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති වැට් ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ ජීවිත බිලිගත් බ්‍රහස්පතින්දා සිදුවූ රිය අනතුරට සම්බන්ධ තුන්වන වාහනයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
එම වාහන දෙකේ රියදුරන් තවත් තුන්වැනි වාහනයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස අධිවේගී මාර්ග පොලිසියට දන්වා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ වාහනයේ සහ අනතුරට සම්බන්ධ කන්ටේනරයේ රියදුරන්ගේ ප්‍රකාශවලට අනුව, සහ පොලිස් පරීක්ෂණ අනුව අධිවේගී රිය පැදවීම, නොසැලකිලිමත්කම, දුර්වල වීදි ආලෝකය, තුන්වන වාහනයකට ඉඩ දීමට අසමත් වීම ඇතුළු සාධකවල එකතුවක් අනතුරට හේතු විය.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යබහුල කාලසටහන නිසා රියදුරුට පැය හයක් පමණ නොකඩවා ගමන් කිරීමට සිදු වීමත් අනතුරට බලපෑමක් විය හැකිව තිබේ. පස්වරු 6.30 ට පමණ අවසන් වූ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා කුරුණෑගල බලා ගොස් තිබේ. පසුව ඔහු කුරුණෑගල සිට ආරච්චිකට්ටුව දක්වා මංගල භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ගොස් ආපසු කොළඹ බලා යාමට පෙර බ්‍රහස්පතින්දා අලුයම 2 ට පමණ අනතුරට ලක්ව ඇත.
අමාත්‍යවරයාගේ රියදුරු වන ප්‍රභාත් එරංග 29 පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ඉක්මනින් නිවසට පැමිණීමට කැමැත්තෙන් සිටි බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 150ක අධික වේගයෙන් ගමන් කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී එම වේගයද ඉක්මවා ගොස් ඇත.
ඇප මත මුදා හැරුණු කන්ටේනර් රථයේ රියදුරු කියා සිටියේ අනතුරට පත් ජීප් රථය වාහනවල විදුලි පහන් දල්වා වෙනත් මෝටර් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කරන බව තමන් නිරීක්ෂණය කළ බවය. ඒ අනුව වාහන දෙකම අනතුරුදායක ලෙස ධාවනය වන බව වටහාගෙන තම වාහනය ද්විත්ව මංතීරු අධිවේගී මාර්ගයේ වම් පසට ගෙන ගිය බව පවසයි. කෙසේ වෙතත් අනෙක් වාහනය ඔහුගේ කන්ටේනරය පසුකර යද්දී ජීප් රථය කන්ටේනරයේ පිටුපස ගැටී ඇත.
පොලිසියට අනුව අමාත්‍යවරයාගේ රියදුරු පවසා ඇත්තේ තමා වම් පසින් අනෙක් මෝටර් රථයට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් කන්ටේනරය දුටු නමුත් බියෙන් වාහනය දකුණු පස මාර්ගයට ගෙන ඒමට නොහැකි වූ බවයි. එය ඔහුට සමාන්තරව ගමන් කළ අනෙක් වාහනයේ ගැටී කන්ටේනරය තුළට හැපී ඇත. ජීප් රථය කැරකෙමින් වම් පස යකඩ වැටේ වැදී ඇත.
අමාත්‍යවරයා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක අනුරාධ ජයකොඩි මහතා වහාම රාගම රෝහලට රැගෙන ගිය අතර එහිදී ඔවුන් ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. රියදුරු ද එම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියක වන සිය බිරිඳ සමග ගුවන් තොටුපළේ සිට අපසු ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු මෙම අනතුර දැක අවට පොලිස් ස්ථාන සහ ගිලන්රථ සේවා වෙත දැනුම් දී ඇත. අමාත්‍ය නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂකයා සුන්බුන් අතරින් ගොඩගැනීමට පැයකට අධික කාලයක් ගතවී තිබුණි.
බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය (ඇ.ඩො. බිලියන 11.85) සහ ඇස්තමේන්තුගත සේවා අපනයන (ඇමරිකානු ඩොලර් බිලියන 3.08) ඇතුළුව 2023 වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 දක්වා ළඟා විය. එය
සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පවසයි.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් යටතේ රජයක් බලයට පත්විමෙන් පසු අඩුම මිලට පොහොර ලබාදෙන පළමු අවස්ථාව මෙයයි - මහින්ද අමරවීර
තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් තැබිණි.
හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වේ.