ශ්‍රී ලංකා ආර්ථියේ ප්‍රගතිය ගැන ජපාන මුදල් ඇමති ප්‍රශංසා කරයි
මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව සඳහන් කළේය.
මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ඊයේ 11 දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
හෙට (13) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ජලාපවහන මණ්ඩලය පවසන්නේ, හෙට (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.
අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් මෙම 16 හැවිරිදි සිසුවාව අත් අඩංගුවට ගනු ලැබීය.
ඩාවෝස්හි බලගතු ලෝක ආර්ථික සමුළුව ඇමතීමට ජනපති සැරසෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 15 සිට 19 දක්වා ඩාවෝස් හි පැවැත්වෙන බලගතු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ යුක්තිය මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
බදු අභියාචනයකට දුන් දෙවසරක කාලය මාස 6 දක්වා අඩු කිරීමට යෝජනා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත බදු අභියාචනයකට ලබාදී තිබු වසර 2ක කාලසීමාව මාස 6 දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර තිබේ.