ශ්‍රී ලංකා ආර්ථියේ  ප්‍රගතිය ගැන ජපාන මුදල් ඇමති ප්‍රශංසා කරයි

Published in පුවත්
Friday, 12 January 2024 14:30

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව සඳහන් කළේය.

මෙම ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ප්‍රදර්ශනය වූ නායකත්වය පිළිබඳව ගෞරවය පළ කළ අමාත්‍යවරයා “ඔබේ රටේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු දියුණුවක් අත්කරගෙන ඇති බව මට වැටහෙනවා. ඉතින් ඒ ඔබතුමාගේ ශක්තිමත් නායකත්වය නිසා බව මම විශ්වාස කරන අතර ඔබතුමා දැක්වූ එම නායකත්වය පිළිබඳව මා තුළ විශාල ගෞරවයක් පවතිනවා” යැයි ද පැවසීය.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි  (H.E. Mr. SUZUKI Shunichi) මේ බව සඳහන් කර සිටියේ ඊයේ  (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී ආර්ථික ස්ථායීකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳ අවධානය යොමු කරමින් සුවිශේෂී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට රජය ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

ජාත්‍යන්තරයේ සියලු රටවල් සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම එම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජපාන රජය ලබාදුන් සුවිශේෂී සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ පළමු සමලෝචනය ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කිරීම මෙහිදී ඇගයීමට ලක් කළ ජපාන මුදල් අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාව විසින් සිදු කරන අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ පවතින වත්මන් ධනාත්මක තත්ත්වය පිළිබඳව මෙහිදී සුබවාදී ලෙස අදහස් පළ කළ ජපාන මුදල් අමාත්‍යවරයා නිල සහ පෞද්ගලික ණය හිමියන් සමඟ පවතින ජාත්‍යන්තර විශ්වාසය ඉහළ නැංවීමට එමඟින් හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.

නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුවීම. සංචිතවල සාර්ථක වැඩිවීමක් සහ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම වැනි ජයග්‍රහණය පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අගය කළේය.

එසේම පසුගිය වසරේ තුන්වන කාර්තුවේ දී පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ ධනාත්මක ලක්ෂණ පිළිබඳවද සිහිපත් කළ ඒ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ දී ඉතා සුබවාදී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා මෙසේද පැවසීය

“ශ්‍රී ලංකාව විසින් සිදු කළ අනෙකුත් සියලුම ප්‍රතිසංස්කරණ පිළිබඳවද අපට දැඩි පිළිගැනීමක් තිබෙනවා. මම ඒ වෙනුවෙන් සුබ පතනවා. ශ්‍රී ලංකාව මෙම අතිශය දරුණු අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලු ශක්තින් යොදා ගනිමින් සාර්ථකව කටයුතු කරන බව එයින් පෙනී යනවා.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව මෙන්ම ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පෙන්වන ඉතා දිරිගන්වන සුබවාදී ලකුණු තිබෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති - නැඹුරු විචල්‍යයන් සම්බන්ධයෙන් ද සියලුම ධනාත්මක ලක්ෂණ දක්නට ලැබෙනවා.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සැලකීමේදී  2022 දෙවන භාගයේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ඔබ විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව දක්නට තිබෙනවා. එමඟින් අපේක්ෂිත බලපෑමක් සිදු වී තිබෙන බව සංඛ්‍යාත්මක දත්ත මඟින් පෙන්නුම් කෙරෙනවා.  එයින් ඔබ අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පෙන්නුම් කෙරෙනවා. එය සැබවින්ම හොඳ ආරංචියක්.

තොරතුරු තාක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම  පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජපාන රජයෙන් ලබාදිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව ද ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන මෙම වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්ක බව ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමින් මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ජපාන නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රතිසංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ජපාන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us