ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාවය ලෙස හඳුනාගෙන ඇත්තේ රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමය. කවුරු, කවර දේශපාලන හෝ ආර්ථික මතවාදයක් දැරුවද මේ ගැටළුව විසඳා ගැනීම හැර මේ අර්බුදයෙන් ගැලවීමට වෙන උත්තර නැහැ. ඩොලර් බිලියන් ගනනින් ණය ලැබුණත් රාජ්‍ය ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට නොහැකි නම් ඒ ඩොලර් වලිනුත් වැඩක් වන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වා දෙන්නේ ඒ ඇත්තය.

ජනාධිපතිවරයාට මසං ගෙඩි පෙන්වා ඒ කොළ ඇපල් කියා රවටා ඇති බවට කතන්දරයක් සමාජ මාධ්‍යයේ හිට් වී තිබේ. නමුත් මේක ඔවුනොවුන් විසින්ම නිර්මාණය කර ගත් කතාවක් මිසක් ඇත්තක් නොවේ..

මහ ලේවායේ මිදුණු ලුණුත්, ගෙපැලක් ගෙපැලක් පාසා මිදුණු මීකිරිත්, නිසා "රුහුණ” යනු මෙරට ජනයාගේ මිහිරි මතකයේ කොටසකි. ඉකුත් වු අතීතයටත්, ශේෂවු වර්තමානයටත්, ඒ මිහිරි මතකය ගලවා දැමීමට නොහැකිය. රජමැදුරත් ගැමි ගෙදරත් මුල්තැන් ගෙයත් කෑම මේසයත් යාකල කිරි සහ ලුණු යනු රස දෙකක් නොව රුහුණේ පාරම්පරික මහා කර්මාන්ත දෙකකි.

රාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ නිර්මාණයකි. සම්මුතියකි. රාජ්‍යය නිර්මාණය කරගත් විට එහි සිටින මිනිසුන් පුරවැසියන් වේ. පුරවැසියන් විසින් රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා රජය නමින් වන යාන්ත්‍රණය නැතිනම් සිස්ටම් එක පිහිටුවා ගනී. ඒ අනුව රජය පුරවැසි අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා හුවමාරුවට මුදල් නැමැති ඒකකය හඳුන්වා දෙයි.

කෝප් කමි‍ටුවේ හිටපු සභාපති චරිත හේරත්ව යළි එම කමි‍ටුවට නම් නොකිරීම ගැන ඔහුගේ වේදනාව ප්‍රකාශයට පත් කරමින් ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අලුතෙන් පත්කිරීමේදී දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයන් දවසකට ජය ගෙන ඇතැයි ඔහු පවසයි.

ගැස්ට් රිවර්ස් කිරිමේ වදන ජනප්‍රිය වූයේ මෑතකදීය..ඒ ගෝඨාභය පාලන සමයේදී නිරන්තරයෙන් ගැසට රිවර්ස් කිරීම නිසාය. උදේ ගහන ගැසට් එක හවස රිවර්ස් කරන තරමට මෙය සිදු විය. එකෙන්ම ඒ විහිළුවක් බවට පත්ව තිබිණී.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බවත් තවත් මන්ත්‍රී ධුර 10 ක් විපක්ෂයට එක් වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසා තිබිණි.

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා දුර්වල තැනක බව දැන් කලාන්තරයක් තිස්සේ නැඟෙන අඳෝනාවකි. වත්මන් තත්වය තුළ ජාත්‍යන්තර සමීක්ෂකයන්ට අනුව පවුල් 10 න් 08 කට පමණ ආහාර ප්‍රමාණාත්මකව සපයාගැනීම ගැටළුවක් වී තිබේ. ළම හා කාන්තා මන්ද පෝෂණය උග්‍ර වී ඇත. විශාල ප්‍රමාණයේ ඉලක්කම් සමඟ දැන් කියැවෙන්නේත් මේ රටේ ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවය.

Connet With Us