ශ්‍රී ලංකාවේ ප්‍රකට බොරු Featured

Wednesday, 01 November 2023 21:00

1. ලංකාව ඛණිජ වලින් පිරුණූ රටකි.


ලංකාවෙ භුමියෙ තියෙන එකම වාණිජ වටිනාකමකින් යුත් සම්පත වෙන්නෙ මැණික් පමණයි. ඒත් ඒවා වෙනත් ඛනිජ සම්පත් වගෙ මහා පරිමාණෙන් හාරල ආදායම් වැඩි කරගන්න බෑ. ඒ ට්‍රෙඩ් එක සැචුරේට් වෙලා තියෙන්නෙ. ඒක ඇරෙන්න තියෙන අනිත් ඔක්කොම ඛණිජ සම්පත් අඩු ශ්‍රම වියදමකින් විශාල පරිමාණෙන් කරල හෝ අගය එකතු කරල ලොකු ආදායම් ලබාගන්න හැකියාවක් නෑ.

2. ලංකාවේ ෘත්තිකයන්ගෙ උගත්කම අහල පහල රටවලට වඩා ඉතා ඉහළය.


මෙහෙම කාලයක් ඉස්සර තියෙන්න ඇති. ඒ වටේ පිටේ රටවල් ඉතාම පස්සෙන් තිබ්බ කාලෙ. ඒත් දැන් වෙනකොට මේ තත්වය වෙනස් වෙලා. ඒ වගේම ලංකාව උගත්කමින් කප් ගහන කාලෙත් උගතුන් බහුතරේ කලා අංශයෙන් උගත් අය. කර්මාන්ත වලට ආයෝජකයින්ට ඔනෙ කරන හැන්ඩ්ස් ඔන් වෘත්තික හැකියා තිබ්බ අය හරි අඩුයි. කොටිම්ම ලංකාවෙ සමාගමක් දාල ගැලපෙන සේවකයින් හොයාගන්න එකට වඩා වෙන රටක දාන එක ලේසියි.

3. ලංකාවේ අයි ටී වලට මාර ස්කෝප් එකක් තියේ


ලෝක අයිටී ට්‍රේඩ් එකේ මුල සිටම හැදුනු අයිටී ට්‍රේඩ් එකක් ලංකාවෙ තියෙන බව ඇත්ත. ඒත් ඒ සමාගම් නිර්මාණය වූ ආකාරය බලද්දි ඒ ඔක්කොම වගෙ ලාංකිකයෙක් විසින් හෝ ලාංකිකයෙකුගෙ මග පෙන්වීම මත නිර්මාණය වූ ආයතන. එහෙම ස්ටාටප් ලෙවල් එකෙන් ආපුව මැචුවර් වෙද්දිවත් පිටරට සමාගම් සල්ලිවලට ගත්තනම් ඒ එහෙමත් එකක්. මෙච්චර කාලයක් අයිටී ට්‍රේඩ් එකේ හිටියට අයිටී අවුට්සෝසින් ඩෙස්ටිඒශන් එකක් ලෙස ලංකාවට එහෙමට නමක් නෑ. ලංකාවට කිසිම සම්බන්ධයක් නැති ඩිරෙක්ටර් බෝඩ් එකක අලුත් සෙන්ටරයක් දාන්න කතාවෙද්දි එයාලගෙ ටේබල් එකට ශ්‍රී ලංකා කියල ඔප්ශන් එකක් ඒවි කියල මං හිතන්නෙ නෑ. අර එක්ස්පැට් ලා ඒව දාගත්තෙ නිවාඩුවක් ගෙවල කම්පනියත් ඇදගෙන අම්මලත් බලාගෙනයන්න ලේසියට සහ තමන්ගෙ යාලුවොන්ගෙන් සප් එක ලබාගන්න ලේසියට මිස පොදු බිස්නස් වැලියු එකකට නොවේ.

4. ලංකාව ගාමන්ට්/ඇපරල් ට්‍රේඩ් එකේ පතාක යෝධයෙකි.


කවදාවත් එහෙම වෙලා නෑ. ඒත් ආයෝජන කලාප සංකල්පය මුලින්ම ඉම්ප්ලිමන්ට් කළ රටක් ලෙස ලංකාව මේ ට්‍රේඩ් එකේ ලොකු නැග්මක් පෙන්නුව ඉස්සර කාලේ. එත් පස්සෙ ඒව වෙනස් වුණා. අර මුල් කාලෙ පටන් පැවතෙන ජයන්ට් කොම්පනි කීපයක් ලංකාවෙ තිබ්බට ඇපරල් ට්‍රේඩ් එකේ නෝට් වෙන කිසිම තත්වයක් තියෙන රටක් නෙවි ලංකාව

5. ලංකාව එදා පටන් කෘෂි කර්මයෙන් ලොව ඉදිරියෙන්ම සිටි අතර අදත් අපට කෘෂි නිශ්පාදන වලින් ලෝකයට ලොකු බලපෑමක් කළ හැක.


ඉතිහාස කතාවත් හරියටම ශුවර් නෑ. ලංකාවට පෙරදිග ධාන්‍යාගාරයක් කිව්වෙ සුද්දෙක් ආපු වෙලාවක මිසක එහෙම කතාවක් ලෝකෙ ඉස්සර පටන් තිබිලා නෑ. විශාල ලෙස ආහාර ද්‍රව්‍ය අපනයනය කළ බවට ඓතිහාසික සාධක නෑ. ඒම තිබ්බත් මේ ජන ඝනත්වය හා ජන විසිරිය එක්ක ප්‍රොෆිටබල් ආහාර නිශ්පාදනයක් පවත්වා ගන්න ලංකාවට සම්පත් නෑ.

මෙන්න මේ කාරණා ලංකාව සම්බන්ධයෙන් සත්‍ය වුවත් කිසිවෙක් ඒව ගැන කතාවෙන්නෙ නෑ.

1. ලංකාව ලෝකයෙ ඉතාම ජනප්‍රිය සහ විශාල ශක්‍යතාවයකින් යුතු සංචාරක ගමනාන්තයකි. ඔවුන්ට වියදම් කරන්න අවකාශ ඇත්නම් විශාල ආදායමක් සපයාගත හැකිය.

2. ලංකාවට නාවික හා ගුවන් යාන සැපයුම් අතින් ලොකු කාර්‍යභාරයක් කල හැකිය. එසේම නැවත සැකසුම් කරණයට පිහිටීම ඉතා වැදගත් වේ.

3. ජාත්‍යන්තර අධ්‍යාපන වෙළදපොලේ අඩුමිල උසස් තත්වයෙ සේවයක් සපයන්නට ලංකාවට හැකිය.

4. අඩු මිලට උසස් තත්වයෙ වෛද්‍ය සේවා ජාත්‍යන්තර මට්ටමින් සපයන්නට ලංකාවේ (පුද්ගලික) වෛද්‍ය අංශයට හැකිය.

5. ස්වභාව සෞන්දර්‍යය, ඉතිහාසය, වෙරළ වැනි සීමිත සංචාරක තේරිම් වෙනුවට වාණිජ සංචාරකයින් හෙවත් ශොපින් කරන්න ලංකාවට එන සංචාරකයින් මගින් විශාල ආදායම් උපයන්නට ලංකාවට හැකිය (ඒ භාණ්ඩ සියල්ල ලංකාවෙම හදන්නම අවශ්‍ය නොවේ. ඉන්දියාවෙන් එහෙම ගෙනල්ල වික්කත් ඕකේ)

 

- Sujeewa Kokawala

FB උපුටාගැනීමකි

Last modified on Wednesday, 01 November 2023 21:03

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us