රෝගීන් 38 ක් මරා දැමූ හෙදියක්

Published in අනං මනං
Tuesday, 14 October 2014 15:26
පොටෑසියම් අධික ප්‍රමාණයෙන් එන්නත්කොට රෝගීන් 38 දෙනෙකු මරා දැමූ හෙදියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. Daniela Poggiali නම් මෙම හෙදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රෝගොයෙකු අසාමාන්‍යය ලෙස මිය යාමත් සමගය.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමේදී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඇය ප්‍රතිකාර කළ රෝගීන් 38 දෙනෙකු ඉතා අභිරහස් ලෙස මියගොස් ඇති බවකි. මෙලෙස මිය ගිය 38 දෙනා අතරට කුඩා දරුවන්ද ඇතුලත් වේ. 
 
පසුව සිදුකළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එම හෙදිය විසින් රෝගීන් ගේ රුධිරයට අධික මාත්‍රාවෙන් පොටෑසියම් ලබාදීම හේතුවෙන් හෘද රෝග ඇතිවී එම රෝගීන් මියගොස් ඇති බවයි. මෙය මෙතක් කල් සොයාගැනීමට අපහසුව ඇත්තේ රුධිරයට එක්වූ පොටෑසියම් ඉතා කෙටි කලකින්ම රුධිරයෙන් ඉවත්ව යන හේතුවෙනි.
විදෙස් මාධ්‍යය වාර්තා කරන ආකාරයට ඇය මෙලෙස රෝගීන් මරා දමා ඇත්තේ එම රෝගීන් හෝ රෝගියාගේ පවුලේ උදවිය ඇයට කරදරයක් වූ විට බවය. 

 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us