මීමැස්සන් වදවී යන පෙර නිමිති

Published in අනං මනං
Sunday, 09 November 2014 14:21
පරිසර උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සත්තව ලෝකයේ කඩිසරම ජීවියා වන  මී මැස්සන් පෘථිවියෙන් ඉක්මණින් වඳවී යා හැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
පරිසර උෂ්ණත්වය ඉහළ යාම මී මැස්සන්ගේ ජීවන චක‍්‍රයට බලපාන ආකාරය පිළිඳ සමීක්ෂණයක් සිදුකළ නැගෙනහිර ඇන්ජලිආ විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායම මේ බව හෙළි දරව් කරගෙන ඇත.  
 
උණුසුම වැඩි දිනවලට මී මැස්සන් අලූයම ආහාර සොයා ගෙන පිටත් වුණත් පැණි ලබා ගත හැකි බොහෝ මල් වර්ග එ් වෙනකොට සම්පූර්ණයෙන්ම විකසිත වී නොමැති බව අධ්‍යයනයේදී හෙළි වී ඇත.
 
 තවත් ඇතැම් මල් වර්ග උණුසුම වැඩි වීම නිසා වියලී යාමත් වසන්ත සෘතුව පවා මීමැස්සන්ගේ පැවැත්මට අවාසිදායක තතත්වයකට පත්ව ඇතැයි එම සරසවියේ මහාචාර්ය ඇන්තනී ඬේව් සඳහන් කරයි.
 
මෙම තත්ත්වය තවත් වර්ධනය වුවහොත් මී මැස්සන් ඉතා ඉක්මනින් පෘතුවියෙන් වඳ වී යා හැකි බවට ද මහාචාර්ය ඇන්තනී ඬේව් අනතුරු අඟවා තිබේ.

 

Last modified on Monday, 10 November 2014 08:55

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us