දොඹකර හෝටලය

Published in අනං මනං
Wednesday, 14 January 2015 16:45

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වරාය අසල අත්හැර දමා තිබූ පැරණි දොඹකරයක් තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට එරට ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් කටයුතු කර තිබේ.


මෙම දොඹකරය ලොව විශාලතම මෙන්ම ඉතාම පැරණි වරාය දොඹකරයක් ලෙස සැළකෙන අතර හෝටලයක් බවට පත්වීමට ප්‍රථමයෙන් එය තිබුණේ අත්හැරදමා දිරාපත් වීමට සලස්වායි.

බොහෝ දෙනා කළ නොහැක්කක් යැයි කීවද අභියෝගය භාරගෙන ඇති ගෘහනිර්මාණ ශීල්පීන් පිරිස වසර 3 ක ඇවෑමෙන් මෙම දොඹකරය තරු පහේ හෝටලයක් බවට පත්කර ඇත.

ෆ්‍රාල්ඩා ලෙස නම් කර ඇති මෙම හෝටලයේ රූපවාහිනී මෙහෙයුම් මැදිරියක්, තටාකයක් ආදී පහසුකම්ද ඇත.දොඹකරයේ අත කොටස නැරඹුම් මැදිරියක් ලෙස සකස් කර තිබෙන අතර එයට ගොඩවන්නෙකුට මුළු ඇම්ස්ටර්ඩෑම් නගරයම දැකබලා ගත හැකිය.

දොඹකර හෝටලය ලොව පුරා සංචාරයකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබේ.

-lankadeepa-

hotel5

hotel2

hotel3

hotel4

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us