මාළුවෙකුට කෘතීම ඇසක් (video)

Published in අනං මනං
Thursday, 15 January 2015 12:41

කැනඩාවේ, වැන්කුවර් නගරයේ මින් මැදුරේ මත්ස්‍යකුගේ ඇසක් බද්ධ කිරීමේ දුර්ලභ සැත්කමක් සිදුකර ඇත.

ඇසේ සුද රෝගය වැළඳීම නිසා එම මත්ස්‍යයාගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත් වී තිබුණි.

මේ බව නිරීක්ෂණය කළ මින් මැදුරේ ප‍්‍රධාන පශු වෛද්‍ය අචාර්ය මාටින් හවුලේනා ප‍්‍රධාන කණ්ඩායම විසින් සැත්කම සිදුකර තිබේ.

එම මත්ස්‍යයාට ජල ටැංකියේ සිටින අනෙක් මසුන් නිරන්තරයෙන් පහර දීම පළමුව නිරීක්ෂණය විය.

මත්ස්‍යාගේ අන්ධ ඇස පැත්තෙන් පැමිණ අනෙක් මසුන් එසේ පහර දීම සිදු කරන බව පසුව සොයා ගැනීමට හැකි විය.

ඉතා අසරණ වී සිටි එම මත්ස්‍යාව ජල ටැංකියෙන් ගොඩට ගෙන නිර්වින්දනය කර, රෝගී ඇස ඉවත් කර වීදුරුවලින් නිර්මාණය කරන ලද කෘතිම ඇසක් බද්ධ කරනු ලැබීය.

සැත්කමෙන් පසු නැවත ජල ටැංකියට දැමූ මත්ස්‍යාට ඉතා හොඳින් අවට පරිසරය පෙනෙන බව පශු වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කර ඇත.

දැන් එම මත්ස්‍යා ඉතා හොඳින් ජල ටැංකියේ පිහිනමින් අනෙක් මසුන් හා කෙලිදෙළෙන්, සතුටෙන් වාසය කරන බව වාර්තා වේ.

 

-rivira-

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us