මදුරුවන්ට වෙරි වෙනවද?

Published in අනං මනං
Sunday, 25 January 2015 11:15

මද්‍යසාර බිව්ව මිනිස්සුන්ගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවද?

ලෝකේ වටේ ගොඩක් අය මේක ගැන හිතුවට තාම හරියටම මදුරුවන්ට මත් වෙන්න පුලුවන්ද කියලා පරීක්ෂණ කරල නැහැ. ඒත් අපි හැමෝම දන්න විස්තර අනුව හිතුවොත් මදුරුවන්ට මත් වෙන්න තියන ඉඩකඩ අඩුයි.

ගොඩක් මදුරු විශේෂ මිනිස් ලේ වගේම පලතුරු යුෂත් බොනවා. මේ පලතුරු වලින් සමහරක් පැසවීමට ලක් වෙන ඒවා. පලතුරු පැසවීමෙන් අන්තිමට හැදෙන්නේ යම් විදිහක මධ්‍යසාරයක්.

ඒ නිසා මදුරුවන් ස්වාබාවිකවම මධ්‍යසාර වලට පුරුදු වෙලා තියෙන්නේ. මේ නිසා මධ්‍යසාර බීපු මිනිස්සුන්ට මදුරුවන් වැඩියෙන් ආකර්ශනය වෙනවා.

ඒත් තව ලේ බොන සත්තු ජාතියක් වෙන කූඩැල්ලන් මීට වෙනස්. පරීක්ෂණයකදී කූඩැල්ලන්ව බියර් වර්ග දෙකක යන්තමින් බස්සවලා එලියට තිබ්බම ඒ අය වැනෙන්න පටන් ගත්තා.

 

උපුටාගැනීම: yako

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us