ඔබාමාගේ ආරක්ෂාව කාන්තාවන් අතට

Published in අනං මනං
Monday, 26 January 2015 11:36

මේ දිනවල ඉන්දියාවේ ජාතික දින උත්සවයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් පළ කෙරුණු ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවීම කාන්තා නිලධාරිනියකට පැවරී තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව නියෝජනය කරන වින්ග් කමාන්ඩර් පූජා තාකූර් එම නිලධාරිනියයි. රාස්ත‍්‍රපති බවන් හිදී පැවැත්වෙන මෙම ආරක්ෂක උත්තමාචාරයට ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි සහ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහභාගි වනු ඇති.

ඉන්දියාවට පැමිණි රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් පිරිනැමූ ආරක්ෂක උත්තමාචාරයක නායකත්වය කාන්තා නිලධාරිනියකට හිමි වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

හෙට දිනයේ පැවැත්වෙන ඉන්දීය ජනරජ දින උත්සවයේ හමුදා පෙළපාළියේ ප‍්‍රධාන භූමිකාව වෙනුවෙන් ද තෝරාගෙන ඇත්තේ කාන්තා නිලධාරිනියන් වීම විශේෂත්වයක්.

female-wind-comander2

thakur3

thakura4

 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us