Handsome ගෝරිල්ලෙක්

Published in අනං මනං
Friday, 26 June 2015 14:20

සාමාන්‍යයෙන් පිරිමින්ගෙ ලස්සන, කඩවසම් බව වර්ණනා කරන්න යොදාගන්න ඉංග්‍රීසි වචනයක් 'Handsome'. පිරිමි ගොරිල්ලෙකුගේ කඩවසම් බව කියන්නත් ඒ වචනෙ යොදාගන්න එකේ වැරැද්දක් නැතුව ඇති.

මේ handsome ගොරිල්ල ඉන්නෙ ජපානයේ සත්තු වත්තක. මෙයාගේ නම ශබානි. ශබානි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සත්තු වතතෙන් ජපානයට ලැබුණු තෑග්ගක්.

එයා  වයස අවුරුදු 18ක නාඹර ගෝරිල්ලෙක්. මේ හින්දමද දන්නෙත් නෑ  මේ ගෝරිල්ලාට සත්තු වත්තට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළින්ම ලැබෙනවලු.

ඒවගේම සංචාරකයන් සඳහන් කරන පරිදි මේ ගෝරිල්ලා කඩවසම්  වගේම හොඳ පෙනුමකින් යුක්තයි. මේ ගෝරිල්ල බැලීමට පැමිණෙන තරුණ කාන්තාවන්ගේ සංඛ්‍යාව සැළකියයුතු මට්ටමින් ඉහළ ගොස් තිබෙන බව ජපාන සත්තු වත්ත බලධාරීන් පවසනවා.

ඒ විතරක් නෙමේ ශබානි එරට සමාජ ජාල තුලත් ජනප්‍රිය තරුවක් බවට පත්වෙලා. ශබානිගේ ලස්සන වර්ණනා කරමින් උගේ ඡායාරූප පළ කිරීම ජපාන තරුණ ගැහැණු ළමුන් අතර ඉතා ජනප්‍රිය වෙමින් පවතින බව පැවසෙනවා.

shabani2

shabani3

shabani4

shabani5

shabani7

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us