කටින් වැඩ කරන මිනිහෙක් (video)

Published in අනං මනං
Thursday, 02 July 2015 10:42

බොහෝ පිරිසක් කටින් වැඩ කරන්න හරිම දක්ෂයි. මේ පුවතත් කටින් වැඩ කරන මනුස්සයෙක් ගැන. හැබැයි මේ පුද්ගලයා තමන්ගෙ කටින් ඇත්තටම වැඩක් කරන කෙනෙක්.

ඔහුගේ නම දිනේෂ් ශිවන්ත්. ඉන්දියාවේ වාසය කරන විද්‍යා ගුරුවරයෙක් වන දිනේෂ් මේවන විටත් ගිනස් ලෝක වාර්තා 49ක් තබා තිබෙනවා.

හැබැයි ඔහු තබන හැම  වාර්තාවක්ම සඳහා ඔහු උපයෝගී කරගන්නෙ තමන්ගෙ කට. මේ නිසාම දිනේෂ්ව හඳුන්වන්නෙ ‘Maximouth’ කියන අන්වර්ථ නාමයෙන්.

ඔහු වාර්තා තැබීමට පැන්සල් 92 ක්‌ මිදි ගෙඩි 79 ක්‌ සහ දැල් වූ ඉටිපන්දම් 12 ක් ,බීම බට 1001 වෙන වෙනම  තමන්ගෙ කටේ තබාගෙන සිටිනවා.

මේ වගේ තමන්ගෙ කට හරහා දස්කම් පෙන්වීම සඳහා ඔහු දිනපතා  යෝග ව්‍යායාම සහ හුස්මගැනීමේ ක්‍රියාකාරකම් සිදු කරන බව පැවසෙනවා. ඔහුගේ අදහස කටින් කර තිබෙන සියලුම ලෝක වාර්තා බිඳ හෙළීමයි.

 

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us