අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දුර්ලබ ඡායාරූපය

Published in අනං මනං
Monday, 06 July 2015 14:45

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන අහලා තියෙනවද? එය තමයි අභ්‍යවකාශයේ රැඳෙමින් අපිට විශ්වය පිළිබඳ කෙරෙන  පරීක්ෂණ සඳහා  සහාය වෙන්නෙ.

ඒවගේම මෙය පියවි ඇසෙන් නැරඹිය හැකියි. පසුගියදා ජාත්‍යන්තර අභ්‍යවකශ මධ්‍යස්ථානය කැමරාවට හසු කර ගන්න ඩිලන් ඩොනෙල් කියන ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පිය සමත් වෙලා තියෙනවා.

 ඔහු මෙම අලංකාර ඡායාරූපය ගෙන තිබෙන්නේ හඳට ඉදිරියෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කරමින් තිබියදීයි.

මේ අපූරු ඡායාරූපය ලබාගැනීම සඳහා ඔහු මාස 12ක කාලයක් බලාසිට තිබෙනවා. මෙහි තිබෙන  විශේෂත්වය වන්නේ මෙය ඉතා ඉක්මනින් ලබාගත යුතු ඡායාරූපයක් වීමයි. එයට හේතුව තත්පර 0.33 ක කාලයකදී මෙය සඳ හරහා ගමන් කරනවා.

මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ කැනන් කැමරාවක් දුරදක්නයක් සමඟ සම්බන්ධ කිරීමෙනුයි.

ඒවගේම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථුවි කක්ෂය සම්පුර්න කිරීමට මිනිත්තු 92.91 ක කාලයක් ගන්නවා.  

moon-with-space-staion1

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us