හිතන තරම් රතු නැති කොමඩු

Published in අනං මනං
Monday, 03 August 2015 12:46

අපේ රට සාමාන්‍යයෙන් උෂ්ණාධික රටක්. මේ උෂ්ණය මගහරවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් කොමඩු වැනි වතුර වැඩි පලතුරු කන්න පුරුදු වී සිටිනවා.

ලංකාව තුල කොමඩු සුලබයි වගේම අඩුවට ගන්නත් පුළුවන්. රසයෙනුත් අඩුවක් නෑ.

ඒත් ඇත්තටම කොමඩුවලින් අපි බලොරොත්තු වෙන විදිහේ ගුණ ලැබෙනවද කියල නැවත නැවතත් හිතන්න වෙනවා.

පහත දක්වෙන්නේ 17වන ශතවර්ෂයේ Giovanni Stanchi නම් සිත්තරා විසින් අඳින ලද සිතුවමක කොමඩු ගෙඩියක් ඇඳ ඇති ආකාරයයි. ඒ චිත්‍රය සමඟ දැන් වෙළඳපොලේ තිබෙන කොමඩු ගෙඩියක් සංසන්දනය කිරීමේදී ලොකු වෙනසක් දකින්න ලැබෙනවා.

waterlemon

දැන් තියෙන කොමඩු පැරණි ඒවාට වඩා ඉතා තද රතු පැහැයකින් යුක්තයි. මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ පැහැය වෙනස් වන ලෙස සියවස් ගණනක් තිස්සේ කර ලද ජාන වෙනස් කිරීමයි.

එසේම මෙම කොමඩු අධික ග්ලූකෝස් ප්‍රමාණයකින්ද යුතු වෙනවා. ඒ විතරක් නොවෙයි මෙම රතු පැහැය ලබාගැනීම සඳහා කොමඩු බීජවලට lycopene නම් වර්ණකය යෙදීම සිදුකරනු ලබනවා.

ලාබෙට තිබුන කොමඩු කාලත් ඉවරයි වගේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us