රනිල් දිනුවත්, මේ යන විදිහ වෙනස් කොළොත් අපි ඔක්කොම හබක්.   Featured

Friday, 13 September 2024 21:48

ජාතන්තර මුල්‍ය අරමුදල සහ බ්ලුම්බර්ග් වෙබ් අඩවිය මේ වන විට කර තිබෙන අනතුරු හැඟවීම අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව ගන්නා තීරණය අනුව මෙරට ඉරණම විසඳේ.

මේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළත් මේ වන පවත්වාගෙන යන ආර්ථික පිළිවෙත් යම් සුළු වෙනසකට හෝ ලක් වූවත් යළි ශ්‍රි ලංකාව දරුණුම ආගාධයකට ඇද වැටීම වැලැක්විය නොහැකි බවය. මේ අනුව ජනාධිපති රනිල්ට හා ආණ්ඩුවට පිස්සු කෙලීමේ හැකියාවක් නැත. මේ දක්වා දරාගෙන පැමිණි දුෂ්කර තත්වයන් තරවදුරටත් උර මත තබාගෙන ඉදිරි අවුරුදු කිහිපයත් යන්නට සිදු වෙනු ඇත.

දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් මේ වන විට බිය පල කර තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර බලයට පත් වුවහොත් ඇති විය හැකි තත්වය ගැනය. බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙ පල කළ සටහනට පදනම වන්නේ මේ අනතුරුදායක තත්වයය.

අනුර කුමාර බලයට පත්වීම සිදු වුවහොත් ඇතිවිය හැකි ආර්ථික අර්බුදය ගැන සැකය නිසා මේ වන විටත් මෙරට ආයෝජනය කර තිබෙන විදේශිකයන් තුළ තැති ගැන්මක් ඇතිව තිබෙන අතර ඔවුන් කොටස් වෙළඳ පොලෙන් සිය ආයෝජන ඉවත් කරගැනීම සහ බැඳම්කර ආදී සුරැකුම්පත් සඳහා අයෝජනය නොකර සිටීම ආදී ක්‍රියා මාර්ග ගෙන තිබේ. මේ අනුව මේ වන විට මෙරට මුල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරිත්වය යම් ඇණ හිටීමකට ලක්ව ඇත. මේ තත්වයන් තවත් ඉදිරියට පැවැතියහොත් මෙහි අයහපත් ප්‍රතිපළ මුල්‍ය ව්‍යපාර ක්ෂේත්‍රයෙන් සාමාන්‍ය වෙළදපොළ දක්වා දිග ඇදෙනු ඇත.

මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙකු පසුගිය සති කිහිපය තුල මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදී සිටී අතර විපක්ෂ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ලේඛන සහ ඔවුන් වේදිකා තුළ පල කරන අදහස් සැලකිල්ලට භාජනය කරමින් සිටී. ඊයේ දිනයේ දී ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැඳවා තත්වය පැහැදිලි කිරීමක් සිදු කිරීමට හේතු වූයේ ද මෙම විපක්ෂ කණ්ඩායම් බලයට පත් වීම තුළ රට යළි කඩා වැටීමේ අනතුර පෙර දැක නිසා බවට සැක නැත.

ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය අවධාරණය කළේ ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් රට තවමත් අවදානමෙන් මිදී නොමැති බවත්, එම දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බවත්ය. නමුත් සැබවින්ම එය ආරක්ෂාකර ගැනීම එළඹෙන මැතිවරණය තුළ දී ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තීරණය කළ යුතු බව සඳහන් කර තිබිණි.

එනම් මේ ගමන මේ විදිහට පරිස්සමෙන් යනවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත්, වරද්ද ගත්තොත් එහි ප්‍රතිවිපාක ජනතාවටම භුක්ති විඳීමට සිදු වන බවත් පෙන්වා දීමක් බව පැහැදිලිය.

කෙසේ නමුත් පැහැදිලි වන කාරණය නම් රට අද තිබෙන්නේ දැඩි අනතුරක පාමුල බවය. එ් බව මෙරට ජනතාව තේරුම් නොගතහොත් එහි ප්‍රතිවිපාක අත් විඳින්නට පෙර වතාවට වඩා අතිශය දරුණු තත්වයන්ට මුහුණ දෙමින් බව සිහියට ගත යුතුය. නැවත මුල්‍ය අරමුදගේ සහය ලබා ගැනීමකට යන්න වෙන්නේ දැනට සපුරණ කොන්දේසි වලට වඩා දැඩි කොන්දේසි යටතේ වන බවත් මතක තබා ගත යුතුය.

එහෙත් නැවත කඩාවැටීමක් වුවහොත් 76 අවුරුද්දක් පාලකයන් මොකද කළේ කියල අහන ජනතාවට මින් පසුව ඒ කතාව අහන්න වන්නේ නැත. මන්ද ඉතිහාසයේ වඩාත්ම බරපත්ල වැරද්දා ගැනීම තමන් කර ඇති විට පාලකයන්ට දොස් පැවැරීම කළ නොහැකි බැවිනි.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us