ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී මූලයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලබන ජාතික ජන බලවේගය වෙත විශාල ජනතා ආකර්ෂණයක් ඇති වෙමින් පවතින බවත් යම් කිසි හෙයකින් ඔවුන් විසින් ආණ්ඩුවක් පිහිටවුවහොත් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීමක් සිදුකරනු ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් පසුගිය දා පැවති ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා වැඩසටහන් කිහිපයක දීම පෙන්වා දෙන ලදී. බ්ලූම්බර්ග් වැනි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක වෙබ් අඩවි විසින් ද මේ තත්වය පිළිබඳ අනතුරු හැඟවීම් කර තිබිණි.

ශ‍්‍රි ලංකාව බංකොලොත් විය යුතුව තිබු රටක් නොවේ. නිදහසෙන් පසුව අඛන්ඩ, නිවැරදි ප‍්‍රතිපත්තියක්, සැලසුමක්, වැඩපිළිවෙලක් නොමැතිව අනුගමනය කළ වැරදි ක‍්‍රම පද්ධතියක් නැතිනම් සිස්ටම් එකක් නඩත්තු කරගෙන යෑම දැන හෝ නොදැන සිදුවීමේ දේශපාලනික අත්වැරැද්ද නිසා මෙරට සංවර්ධනය යම් අඩාල වීමකට ලක්ව තිබුණත් රට සංවර්ධනය නිදහසෙන් පසුව රට සංවර්ධනය නොවුවා යැයි කිසිවකුට චෝදනා කරන්න බැහැ.

ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය ලබන සතියේ, 2024 සැප්තැම්බර් 21 වන දින, පැවැත්වීමට නියමිතය. තරඟ වදින අපේක්ෂකයින් තිස් අට දෙනා අතරින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජාතික ජන බලවේගයේ) නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අපේක්ෂකයින් ලෙස සැලකේ

ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුනොත් රට නැවත අර්බුදයකට යන බවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් කෑම පෝලිම් එහෙම ඇතිවෙනවා, විශාල අනතුරකට රට පත් වෙනවා කියන එක රනිල් පාර්ශ්වය පැත්තෙන් දිගින් දිගටම කියනවා.

මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමටයි නියමිතව තිබෙන්නේ.

ලංකාව මෑත අවුරුදු කිහිපය තුළ තමයි ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ ආරම්භක රටක් තත්වයට පත් වුණේ. හැබැයි ඒ තත්වය මීට දශක කිහිපයකට කලින්ම අත්පත් කර ගැනීමේ හැකියාව අපිට තිබුණා.

ජාතන්තර මුල්‍ය අරමුදල සහ බ්ලුම්බර්ග් වෙබ් අඩවිය මේ වන විට කර තිබෙන අනතුරු හැඟවීම අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව ගන්නා තීරණය අනුව මෙරට ඉරණම විසඳේ.

Page 2 of 203

 

ld add copy

Latest News

Connet With Us