රුපියල් කෝටි 400ක් වූ දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව සිදු කිරීමේ චෝදනාවට වරදකරුව අධිකරණය මඟහැර සිට මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වූ ව්‍යාපාරිකයන් දෙදෙනා මේ මස 10දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (8) නියෝග කළේය.

පාර්ලිමේන්තුවේ රැස්වීම සජීවී විකාශය කිරීම ලබන 20 දින සිට යළි ආරම්භ කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා සෙනසුරාදා (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් මලික් සමරවික්‍රම මහතා ඊයේ රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒකමතික තීරණයෙන් තේරී පත් විය.

ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථම වතාවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කෝට්ටේ සිරිකොත මන්දිරයේදී ඊයේ රැස් විණි.

රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණයන් පෙබරවාරී මස 1 වැනිදා සිට වෙළඳ පොළේ පැවැතියහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවද රූපමය අවවාද නොමැති දුම්වැටි සහිත අසුරණ ඕනෑතරම් තවමත් මෙරට වෙළඳ පොළේ විකිණිමට ඇති බව හෙළිවෙයි.

කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල ඇති 'නෙළුම් පොකුණ මාවත' යළි 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.

සගවා තිබියදී සොයා ගැනුණු අලි තෝම්බුව හෙවත් අලි පොතෙහි අන්තර්ගත අලි ඇතුන් පිළිබඳ තොරතුරු විකෘති කර අති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් සිදු කරන බව ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්‌ති කුමාරතුංග මහතාට එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්‍ෂය ආරාධනා කර ඇත.

 

ld add copy

Connet With Us