සිල් රෙදි ඇතුඵ විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් දිවයිනේ බොහෝ විහාරස්ථාන වෙත ලබා දී ඒවා දායක දායිකාවන් අතර බෙදා දෙන ලෙස විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.

වසර 26 කට පසුව යාල්දේවී දුම්රිය අද (02) කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරුණි.

රටපුරා ස්ථාපිත කර තිබෙන ඔසුසල්වලට අවශ්‍ය ආකාරයට ඖෂධ ලබානොදීම නිසා රෝගී ජනතාව සහ ඔසුසල් නියෝජිතයන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියකට සම්බන්ධව වරදකරුවූ වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර  විසින් පෙර පාසල් දරුවන්ට පාවහන් බෙදී දීමට කළ උත්සායක් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇත.ඒ මහතා මේ මොහොතේ කෝට්ටේ එජාප මූලස්ථානයේ (සිරිකොත) පැවැත්වෙන කම්කරු සම්මේලනයට එක්ව සිටින අතර තවත් සුළු සිය ස්ථාවරය ප්‍රකාෂ කිරීමට නියමිත බව පැවසේ.

මෙරට තුළ බියෙන් හා සැකයෙන් ජීවත් වූ ජනතාවට වර්තමානයේදී බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2010 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණය සංසන්දනය කිරීමේදී බරපතල ගනයේ පහරදීම්වල වැඩි වීමක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.

 

ld add copy

Connet With Us