අද (03) මීට මොහොතකට පෙර පුත්තලම නගර මධ්‍යයේ මැතිවරන ප්‍රචරක කටයුතුවල (කැන්වසින්) යෙදුනු මෛත්‍රෙපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන්ට පුත්තලම නගර සභාවේ නගරාධිපති ඇතුළු මැර කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.

කවුරුන් කුමන පැතිවලට ගියත්, ජනතාවාදී නායකයෙකු ලෙස තමා සැමදා රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

පානදුර නගර සභාවේ උප නගරාධිපති ශ‍්‍රී මුණසිංහ මහතා පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදෙන බව අද ප‍්‍රකාශ කළේය.

අද උදැසන හලාවත නගරයේ පැවැත්වෙමින් තිබු වීදියේ විරෝධය වැඩසටහනට හලාවත පොලීසියේ විරෝධය එල්ල වී තිබේ සමූහ ගායනා හා මහජනයා සමඟ අදහස් හුවමාරු කර ගැනීම හ පත්‍රිකා බේදීම ආදී වැඩ සටහන් කිහිපයක් මෙහිදී පැවැත්වෙමින් තිබියදී පොලීසිය පැමිණ 'මෙගා ෆෝන් "පාවිච්චිය නතර කල යුතු බව දන්වා තිබේ. එම නියෝගය අනුව පසුව එම වැඩ සටහන කරගෙන යන අතරතුර පැමිණ පත්තර අලෙවි කිරීම හා පත්‍රිකා බේදීමද නතර කළ යුතු බව දන්වා ඇති අතර ජනයා නොගැවසෙන ප්‍රදෙශයකට ගොස් ගීත ගැයීම පමනක් සිදු කිරීමට පොලීසිය අවසර දි තිබේ.

එ.ජ.නි.ස. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (02)පෙන්වා දී ඇත්තේ සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රචණ්ඩත්වයෙන් සහ බියෙන් තොරව ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බවය.

නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා තොගයක් බලංගොඩ ප්‍රදේශයේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවකු විසින් ප්‍රවාහනය කරන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.

 

ld add copy

Connet With Us