ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවරදී ප්‍රහාරයක් සැළසුම් කළ මොළකරු එල්ලා මරයි
පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !
ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය ජනාධිපතිවරයාට ජය ගැනීමට නොහැකි බවට බුදිධි අංශ විසින් කළ සමීක්ෂණ වාර්තව නිසා එකසත් ජනතා නිදහස් සන්ධනයේ මාතර ප්‍රබලයා වන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා බරපතල ලෙස කළබල වී ඇත.
රාජපක්ෂ අාණ්ඩුෙව් තරුණ තරුණියන්ට ඉඩ නෑ -සියලු ඉඩ නාමල් පැහැරගෙන
වර්තමාන තරුණ තරුණියන්ට සත්‍ය පෙනෙන බවත් ඔවුන් කුරහන් සාටකයේ මායාවට වැසී නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.තරුණ මන්ත්‍රීවරුණ්ගේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අැය පවසා සිටියේ වර්තමානය වන විට රාජ්‍ය අායතන පවා රාජපක්ෂ අාණ්ඩුවට අවශ්‍ය පරිදි සකස් කරගෙන අැති බවයි.
රිමාන්ඩ් බාරයේ පසුවූ මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා රිමාන්ඩ්භාරයෙන් මුදවා ගැනීමට ඊයේ(18)හැකිවිය.
අනිකුත් ජීවීන්ගේ සේම මිනිසාගේද පැවැත්ම තීරණය වන්නේ තම වර්ගයා බෝ කිරීම හරහායි.
සොබාදහම වනසමින් කොම්පැණිකාරයන් සතුටුකල කාලකන්නි වසරක්
විශේෂ ලියුම්කරු විසිනි
සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත පැවැත්ම තහවුරු කරගැනීම සඳහා රටකට ඉවහල් වන එම රටට සොබා දහමෙන් හිමිවූ දායාදයන් සියල්ල වනසා දමමින් ඔවුන් අත්කරගන්නා සාර්ථක ප්‍රතිපලයක් නොමැති බවට අතීතය පුරා අප විසින් තලු මරණ උදාහරණ කොතෙකුත් තිබේ. නමුත් අද දවසේද අපේ රටේ පාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා බලධාරීන් සිදුකරමින් සිටින්නේද ඒ රෑ වැටුණු වලේ මහා දවාලේ ද මුළුමහත් ජාතියම ඇද දමමින් සිටීම වීම ජාතියේම කාලකන්නිකම විනා අන් කවරක්ද? තමන්ගේ මෙන්ම තම දූදරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේද ජීවත්වීමේ අයිතිය උදුරා ගනිමින් අද දවසේ මෙරට පාලක කාරකාදීන් විසින් සිදුකරමින් සිටින ජාතික විනාශය පිළිබඳව පොදු මහජනතාවගේ සක්‍රීය මැදිහත් වීම අල්ප වීමද එම කාලකන්නිකමේම කොටසක් බව කිව යුතු නැත.