තැපැල් ඡන්දයට ජනාමාධ්‍ය මගින් බලපෑම් කිරීම පිළිබද කැෆේ සංවිධානයේ ස්ථාවරය මැතිවරණ කොමසාරිස්තුමා සහ ජනාධිපතිවරණයට තරග වදින සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කරන ලදී.  මෙහි දැක්වෙන්නේ තැපැල් ඡන්දයේ පළමු දිනයේ ඇති වූ තත්වය සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ මතය යි.

 

මහින්ද චින්තනය යනු කියන දේ කරන කරන දේ කියන ලියවිල්ලක් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී කියා සිටියේය.

ජාතික හෙළ උරුමයෙන් ගිලිහී ගිය බෞද්ධ ප්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පිවිතුරු හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණෙන් රටපුරා පැවැත්වෙන විජයග්‍රාහී ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ(22) පස්වරුවේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

අද ඇතැමුන් කියනවා  ආරක්‍ෂක හමුදාව ලවා කාණු කප්පවනවා, පිඟන් හෝදවනවා කියලා. එහෙම බාල්දු කිරීමකට කිසිදු ආරක්‍ෂක අංශයක පිරිසක්‌ අපි යොදවලා නැහැ. මේ රටේ ජාතික අවශ්‍යතාවන් සඳහා පමණක්‌ යොදවා තිබෙනවා. 

විනයගරුක සමාජයක් බිහි කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවට ඊයේ (22 දා) සිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අහිමි විය. සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඊයේ (22 දා) ආණ්‌ඩුවෙන් ඉවත්වීමත් සමඟ මෙසේ බහුතර බලය ආණ්‌ඩු පක්‍ෂයට අහිමි විය.
'තැරව්කාරයන් මට අද ලංසු මුදලට කතා කරනවා. කෝටි 100ක් දෙන්නම් රජයට එන්න කියා. මුදලට, තනතුරුවලට වරප්‍රසාද වලට,දේපළවලට කිසිදිනක යටත් නොවන එක්සත් ජාතික පක්ෂය කිසි දිනක අතහැර නොයන පිල්මාරු නොකරන මේ හරින් ප්‍රනාන්දුට පුළුවන්නම් ගන්න කියා මා අභියෝග කරනවා" යැයි ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (22දා) බදුල්ලේ සිය නිවසේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

 

ld add copy

Connet With Us