හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිලි කර තිබේ.
මොහාන් පීරිස් ආරක්ෂා කිරීමේ වගකීම, තිලක් මාරපන බාරගනී !
වත්මන් අගවිනිසුරු වරයාගේ තනතුර ආරක්ෂා කර දීමේ වගකීම ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා බාර ගෙන තිබේ. 2002 වසරේ පිහිටවූ එජාප රජයේ ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම එජාපයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ සාමාජිකයකුද වන තිලක් මාරපන මහතා මොහාන් පීරිස් මහතාගේ සමීප මිතුරකුද වේ.
රාජපක්ෂලා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කරදි ඔවුන් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුවෙනුත්.!
දින සියයක වැඩ පිළිවෙලක් සඳහා මේ වන විට පිහිටුවා තිබෙන නව ආණ්ඩුව එම් වැඩ පිලිවෙල ක්‍රියත්මක කිරීමට පෙරාතුව පෙරළා දැමීමට රාජපක්ෂවාදී දූෂිතයන් කටයුතු කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.
ඌව පළාත් මහ ඇමති ලෙස ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පස්වරු 1.14ට යෙදුණ සුබ මොහොතින් පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේය.
නව රජයේ කිසිදු ඇමැතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබා නොදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ (13) නියෝග කර ඇත.
ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළ අවධියේදී රාජපක්ෂ හිතෛශීන් බොහෝ දෙනෙකුට එම ආයතයේ නීති රීති උල්ලංගනය කරමින් රැකියා ලබා දි තිබෙන බව හෙළිවේ.
රාජ්‍ය අායතනවලට දූෂිත නිලධාරීන් පත් නොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.