එල්.ටී.ටී.ඊ සංවිධානයට පැනවුණු සම්බාධක ලිහිල් කිරීම සඳහා යුරෝපා අධිකරණය ගෙන ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමය වෙත සිය ප‍්‍රසාදය පළ කරයි.

දේශපාලන කි‍්‍රයාකාරකම්වලට මුදල් සපයා ගැනීම සඳහා තම පක්ෂයට අයත් ඉඩමක්ද ඉකුත් දා විකුණා දැමූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ආණ්ඩුවට මෙන් හිතුමතේ වියදම් කිරීමට තම පක්ෂයට මුදල් නොමැති බව ඔහු පවසා සිටියේය.

සිවිල් වැසියන් 80 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකෙරෙන මුලතිව් - ඔඩ්ඩුසුඩාන් සමූහ මිනීවලේ කැණීම් ඊයේ (02) ආරම්භ වුයේය. ඒ, අධිකරණ නියෝගයකට අනුවය.

ලංකාවේ දේශපාලඥයන් මේවනවිට සාම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු වලට අමතරව නව මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්ද උනන්දු වන බව පෙනේ. ඒ අනුව බොහෝ දේශපාලඥයන් තමාගේ කියා ෆේස්බුක් පිටුවක් යාවත්කාලීන කරයි. සාමන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයෙකුගේ ෆේස්බුක් පිටුවේ වැඩිපුර සිටිය යුත්තේ ලංකාවේ රසිකයන් වුවත් එසේ නොමැති දේශපාලඥයන් ගැනත් මේවනවිට අන්තර්ජාලයේ කතාබහක් ඇතිවී තිබේ.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුරසාරම් දොඩන සංවර්ධන ව්‍යාපෘති සියල්ල තමන් ජනාධිපතිනිව සිටි සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි.

තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.

සුදොතුම්පියතුමාගේ සංචාරය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගනිමින් විවිධ පාර්ශ්චව දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බව කිතුනු හඬ සංවිධානය චෝදනා එල්ල කරයි.

ජනවාරී 08 වන දින තමා ජනාධිපතිවරයා ලෙස මෙරට ජනතාව විසින් පත් කරනු ලැබීමෙන් පසුව පොරොන්දු වූ පරිදී දින සියය තුල එම ධුරයේ විධායක බලතල අහෝසි කරන තෙක් ජනාධිපති මන්දිරයට නොයන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ld add copy

Connet With Us