"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මම ඔබට පෞද්ගලිකව එරෙහි වූවා නෙවෙයි, ඔබේ පවුලට පෞද්ගලිකව එරෙහිවූවා නොවෙයි, මම එරෙහිවූයේ ඔබේ අල්ලසට, දූෂනයට, නාස්තියට, විධායක ජනාධිපති ක්‍රමයට, පවුල් පාලනයට පමණයි.

ඌව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට ඇඟ උණුසුම් කරගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කළ යුතු බවට ඇඹිලිපිටිය මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා මහතා විසින් ගෙන ආ යෝජනාවක්‌ ඒකමතිකව සම්මත වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොපැමිණීම නිසා හදිසියේම අවලංගු කර දැමීමට ශ්‍රීලංනිප සංවිධායකවරුන්ට සිදුවිය.

මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් සඳහා සරසවි සිසුන් යොදා ගැනීමට ආණ්ඩුව දරන උත්සහය තරයේ හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. දෙසැම්බර් මස 2 වෙනිදා පැවැත්වෙන මැතිවරණ රැළියකට සරසවි සිසුන් සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අමෙරිකාවේ ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2015 වසරේ දී නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි ස්ථාන සහිත රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

දෙසැම්බර් 03 දින විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් දැවැන්ත පා ගමනක් ආරම්භ වේ.

තම පියාගේ දෑත් ඉතා පිරිසිදු බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ දියණිය ,චතුරිකා සිරිසේන පැවසුවාය. ඇය එසේ පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති කාන්තා හමුවකට සහභාගී වෙමින්ය.

 

ld add copy

Connet With Us