කොස්ලන්ද, මීරියබැද්ද නායයාමේ ඛේදවාචකයෙන් අවතැන්වූ ජනතාව ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වේ. ඒ තමන්ට අවශ්‍ය පිසූ ආහාර ලබා දිමේ කටයුතු වලින් යුධ හමුදාව ඉවත් වීමට විරෝධය පළ කරමින්ය. තමන්ට අවශ්‍ය ආහාරපාන සපයා ගන්නා ලෙසඅවතැන් ජනතාවට දැනුම් දී ඇත.

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ දිනමිණ පුවත්පතේ හිටපු කතෘ මහින්ද අබේසුන්දර මහතා අද(28) සවස අභාවප්‍රාප්ත වී තිබේ.

ජාත්‍යන්තරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ල වන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් තමන් ජනාධිපතිවීමෙන් පසුව වුවද පෙනී සිටින බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

නවීන් එජාපයට?

Published in පුවත්
Friday, 28 November 2014 13:22

මේ අතර රාජ්‍ය කළමණාකරන ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

සනා නොසතුටින්

Published in පුවත්
Friday, 28 November 2014 13:04

තම අමාත්‍යංශයේ කටයුතු සිදුකරගෙන යාමේ දී දුෂ්කරතාවන් රැසකට මුහුණදීමට සිදුව ඇති බව තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ සළකුණ අද(28) ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා තොරණක් නිර්මාණය කළ තමන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් මුදල ලැබිය යුතු බවටත්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සැමියා තමන්ට මෙම මුදල ලබා නොදී අගරු චෙක් පතක් ලබාදුන් බවටත් පවසා අසත්‍ය පැමිණිල්ලක් දැමූ පුද්ගලයෙකු සොයා මිරිහාන මුලස්ථාන පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා මහ ලේකම් ධුරය දරණ ලංකා සම සමාජ පක්ෂය ඉදිරි මැතිවරණය හේතුවෙන් අන්ත දෙකකට බෙදී ඇතැයි වාර්තා වේ.

 

ld add copy

Connet With Us