ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි දිනය අදයි.

‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා" යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම අද (08) දිනයේ දී සිදුකිරීමට නියමිතය.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

බංකොලොත් භාවයෙන් රට මේ වන විට එළියට පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේ දී බඩු මිල තව තවත් අඩු වී ජනතාවට සහන සැලසෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට සූදානම් බව වාර්තා වේ.

 

ld add copy

Connet With Us