ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත වීසා ක්‍රමයේ වෙනස්කම් වලින් පසුව, සංචාරක පැමිණීමේ අඩුවක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2024 පළමු මාස ​​අට තුළ ඩොලර් බිලියන 2 කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වීම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වා ගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට ජාතික ජන බලවේගය විරුද්ධ බව සමඟි ජන සන්ධාන කාර්යාලයේ දී පෙරේදා (07) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ බව කියා සිටියේය.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි මහ මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයෙන් ජය ගතහොත් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවය.

වයඹ පළාත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සමයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවී ගුරුවරියක් දණ ගැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනන්ද සරත් කුමාර හට සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක ධූරය ලබා දී ඇත. මෙම ආසන සංවිධායක ධූරය ලබාදෙමින් සමගි ජන බලවේගය වෙත එතුමන්ව ගෞරවණීය ලෙස පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා කැපවන ලෙස ආනන්ද සරත් කුමාර මහතාගෙන් ඉල්ලා ඇත.

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ‘රනිල්ව කියවන්න’ නම් වූ ප්‍රචාරක වැඩසටහන අද (07) පෙ.ව. 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.

ld add copy

Connet With Us